පුරවැසිභාවය ඉල්ලුම් කරපු දොමන්දා එකේ අළුත්ම තත්වය

ටික දිනක ඉඳල පුරවැසිභාවට අයදුම් කරපු ඉල්ලුම් පතේ අළුත්ම තත්වය දකින්න බැරුව කනස්සල්ලෙන් හිටියාද? දැ​න් පරණ සයිට් එකේ cittadinanza කොටස ඉවත් කරලා. ඒ නිසා පහත ලිපිනයෙන් අළුත් වෙබ් අඩවියට ලොග් වෙන්න ඕනෙ.

සයිට් එකට ලොග් වෙන්න SPID භාවිතා කරන්න.

ඇතුල් උනු ගමන් දොමන්දා එක පෙන්නුම් කරන්නෙ නැහැ. ඒ නිසා අපිට දොමන්දා එක Associare කරන්න වෙනවා.

ඉන්පසුව,

  • නම
  • වාසගම
  • ඊමේල් ලිපිනය
  • උපන් දිනය
  • Identificatvo Domanda එක ලබාදෙන්න.

ඊලගට ගොඩාක් අයට එන ගැටලුවක් තමයි Identificatvo Domanda කියන්නෙ මොකක්ද කියලා. Identificatvo Domanda කියන්නේ K10 නෙවි. මේක හොයා ගන්න පුළුවන් ඔබ දොමන්දා එක යවපු දවසෙ ලැබුනු රිසිට් එකෙන්.

ඔබ හරියාකරව මෙය පිරෙව්වා නම් මේ විදියට තමයි දකින්නට ලැබෙන්න ඕනා.

යම්විදියකින් ඔබ ල​ග හරි ඔය රිසිට් එක දැන් නැතිනම් මොකද කරන්නෙ?

එසේ වුවහොත් ඔබට අදා​ල prefettura එකට PEC email එකක් යවන්න. සම්පූර්ණ නම, දොමන්දා එක යවපු දිනය සහ උපන් දිනය කියල.. එයාලා identificatvo domanda එක සොයල එවාවි.

මේක කරන්න අවශ්‍ය එකවරක් පමණයි. ඊට පස්සෙ ලොග් වෙන හැම වරකදිම ඔයාලගෙ දොමන්දා එකේ අළුත්ම තත්වය communucazione /stato pratica මත ක්ලික් කරාම පෙන්නුම් කරනවා.

SUJITH YADDEHIGE

Similar Posts