ඉතාලියේ සිටින ඔබට​ත් මේ මැසේජ් එක ආවද? කවදාවත් ඔබේ විස්තර ලබාදෙන්න එපා!

අවදානයෙන්.මේ දවස්වල අපේ අය casa integrazione මුදල් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා මේ වගේ දෙවල් වල​ට අහුවෙන්න පුලුවන්, බැංකු වලට inps එකෙන් සල්ලී දාලා කියලා වැරදි මැසේජ් එකක් එන්න පුලුවන්. ඒ මැසේජ් එක යටින් ලින්ක් එකක් තියෙනවා, ඒ ලින්ක් එකට ගිහින් අපේ බැංකු එකව්න්ට් වල විස්තර නිවැරදි කරන්න කියලා. අපේ නියම විස්තර ඇතුල් කලාම, වංචනිකයින් ඔන්ලයින් අපේ බැංකු එකව්න්ට් වලින් සල්ලි ගනු ලැබේ. එම නිසා ඔබ පරිස්සන්වෙන්න.

මීට අමතරව ඔබට පහත සදහන් ආකාරයටත් මැසේජ් එන්න පුලුවන්.එහි සදහන්ව ඇත්තේ ඔබේ ගිණුම අත්හිටුවා ඇත. නැවත ගිනුමට පිවිසීමට පහත ලින්ක් එකෙන් ඔබගේ විස්තර ඇතුලත් කරන්න.

මේ වගේ මැසේජ් ඔබට ලැබිලත් ඇති, ඔබගේ ගිනුම තිබෙන බැංකුවෙන් මේ විදියට පනිවිඩයක් ලැබුනොත් ඔබ අනිවාර්යයෙන් කලබල වනවා නොඅනුමානයි.මේ විදියට ලැබුන මැසේජ් වලට තමන්ගේ බැංකු ගිනුමේ විස්තර ලබාදුන් ලාංකීකයන් කිහිප දෙනෙක්ගේ විස්තරද අපට අහන්නට දකින්නට ලැබුනා.එම නිසා මේ ආකාරයට ලැබෙන ලින්ක් වලට ඔබගේ පවුද්ගලික විස්තර ​හා ඔබගේ බැංකු ගිනුම් විස්තර ලබාදීමෙන් වලකින්න. පහත ස්ක්‍රින්ශොට් ටික මට ලැබුන පනිවිඩයි. ඔබටත් ලැබිලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.

 

.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *