ඉතාලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩු බිහිවීමට තිබෙන ඉඩකඩ පිලිබදව කෙටි පැහැදිලි කිරීමක්.

ඉතාලි රාජ්‍ය පාලනය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බොහෝ විට සභාග ආණ්ඩු බිහිවීම හා ඒ හරහා පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වීමට පෙර එම ආණ්ඩු කඩා වැටීම. මේ දේශපාලන අස්ථාවරත්වයන් රටේ ආර්ථිකය ඇතුළු අනෙකුත් ක්ෂෙත්‍රයන්ට ද බලපෑමක් වීම වැළකිය නොහැකිය. ඉතාලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩු බිහිවීමට තිබෙන (ප්‍රමාණවත් බහුතරයක් සහිතව) ඉඩකඩ අඩුද?ඉහත ප්‍රශ්නය @Namal Weerasena මහතා මාගෙන් විමසා සිටියා.

මෙම ප්‍රශ්නයට ලබා දිය හැකි පිලිතුර හොඳින් වටහා ගැනීම සඳහා ඉතාලි ජනරජයේ දේශපාලන ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය දැනුමක් අත්‍යවශ්‍ය වන බව ප්‍රධාන වශයෙන් කිව යුතුයි.කෙසේ වෙතත් මගේ සටහන් කියවා තමන් ජීවත් වන රට පිළිබඳ මෙවැනි කරැනු අවබෝධ කරගැනීමට උනන්දු වන ඔබ වැනි පුද්ගලයන් සිටීම පිලිබඳ මා ඉමහත් සතුටට පත්වනවා..

 

ඉතාලියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඉතා සුවිශේෂී එකක් වන අතර, ඉතාලි පුරවැසියන්ට, එනම් ඉතාලි ඡන්දදායකයින්ට ඉතාලියේ තම ජන්ද බලය පාවිච්චි කිරීමෙන් පාර්ලිමේන්තු සභිකයන් තෝරාපත් කර ගත හැකි නමුත් බොහෝ අවස්ථාවන් වලදී ඝෘජුව තම ජන්ද බලය පාවිච්චි කිරීමෙන් ඉතාලියේ රජය තොරා පත් කර ගැනීමට අවස්ථාවක් නැහැ.ඉතාලි ව්‍යවස්ථාවේ 92, 93, 94, 95 සහ 96 යන වගන්ති ප්‍රකාරව ඉතාලියේ රජයයන් බිහි වන්නේ

බොහෝ විට දේශපාලන පක්ෂ ක්‍රමය තුළ ඇති ගිවිසුම් මගිනි.මා විසින් මීට පෙර පල කරනු ලැබූ ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, ඉතාලි ජනරජයේ ව්‍යවස්ථාවට අනුව ඉතාලියේ ආන්ඩුව උපත ලබන්නේ, (art. 92 art. 93 art. 94 Cost) ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන්නේද යන්න සොයා බැලීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් සමඟ රැස්වීම් සහ සාකච්ඡා සිදු කර්‍රමෙන් අනතුරුවයි.

ඉන්පසුව දේශපාලනික හෝ තාක්‍ෂණික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය පැවරිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමද ඔහු විසින් සිදු කරනු ලබනවා. බොහෝ විට ආර්ථික විද්‍යාව, නීතිය, සෞඛ්‍යය වැනි විශයයන් පිලිබඳ විශේෂ සුදුසුකම් සහිත පුද්ගලයකු හට තාක්‍ෂණික ආණ්ඩුවක් පිහිටුවීම පැවරීමටද ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා හට හැකියාව තිබෙන්නේ සෞඛ්‍යය, සමාජ හා ආර්ථික වැනි අර්බුදයන් සඳහා විසදුම් සෙවීමටයි.

ඉහත සඳහන් ක්‍රමවේදය තුළ ඇති වන තත්වය වන්නේ ඉතාලියේ ආණ්ඩුවල අස්ථාවරත්වයයි.දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉතාලි ව්‍යවස්ථාවෙ උපත එනම් 1948 සිට අප ජීවත් වන කාල වකවානුව එනම් 2021 වසර දක්වා වසර 73 ක් තුළ ඉතාලියේ ආණ්ඩු 66 ක් බිහවී ඇති අතර වර්තමාන රජයේ අර්බුදයත් සමඟ 67 වන ආණ්ඩුද ඉදිරියේදී බිහි වනු ඇත.එමෙන්ම ඉතාලියේ පසුගිය අවුරුදු 73 තුළ සිදු කරනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණ සංඛ්‍යාව 18ක් පමණකි.

කෙසේ වෙතත් ඉතාලි රජයේ අර්බුදය හේතුවෙන් සිදුවිය හැකි බලපෑම් වැලැක්වීම සඳහා ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සියලු විසදුම් සපයා ඇති බැවින් රටේ ආර්ථිකය ඇතුළු අනෙකුත් ක්ෂෙත්‍රයන්ට විශාල වශයෙන් බලපෑම් විය නොහැකි බව කිව යුතුයි.

සකස් කලේ,

නීතිඥ සචිනි වර්ණකුලසූරිය

Praticante Avvocato Abilitato Foro di VeronaEsperti periti traduttori interpreti C.C.I.A.A di Verona.+39 388 6279735

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *