කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟින් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්‍රය මේ වන විට ක්‍රමානුකූල වර්ධනයකට පැමිණ තිබෙනවා.

මේ වසරේ මේ දක්වා සංචාරකයින් 150,000කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශ දත්ත පෙන්වා දෙනවා.
කාලයක් තිස්සේ වසා දමා තිබුණු තරු පන්තියේ හෝටල් සහ සංචාරක හෝටල් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය නිසා යළිත් විවෘත වුණා.

මේ අතර පුර්ණ එන්නත්කරණය ලබා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් මාර්තු මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පුර්ණ කොරෝනා පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නැති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

දිවයිනට පැමිණීමට සති දෙකකට පෙර පුර්ණ එන්නත්කරණය ලැබූවන්ට මෙලෙස පුර්ණ කොරෝනා පරීක්ෂණ අවශ්‍ය වන්නේ නැහැ.

එහිදී එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීම පුර්ණ එන්නත්කරණය ලෙස සලකන අතර වයස අවුරුදු 18 අඩු ළමුන් සඳහා එක එන්නත් මාත්‍රාවක් ලබා සිටීම පුර්ණ එන්නත්කරණය ලෙස සලකනු ඇති.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසුවේ පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙන්නේ දැනට භාවිතයට ගැණෙන කොවිඩ් මර්දන එන්නත සඳහා එම නිෂ්පාදන සමාගම් විසින් ලබාදී ඇති නිර්දේශයි.
ඒ අනුව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත පමණක් එක් මාත්‍රාවක් පූර්ණ එන්නත් මාත්‍රාවක් ලෙස සැළකෙන අතර සෙසු එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය ලෙස සැළකෙනවා.

කෙසේ වෙතත් අදාළ සංචාරකයින් දිවයිනට පැමිණීමට දින 14 කට පෙර මෙම නිර්දේශිත පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.
වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා එක් මාත්‍රාවක් ලබා ගැනීම පූර්ණ එන්නත්කරණය සේ සළකන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසුවා.

මේ අතර එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති දින 7 කට පෙර සහ මාස 6 ක් ඇතුළත කොවිඩ් ආසාදනය වූ අයෙක් නම් එක් මාත්‍රාවක් ලබා සිටීම ප්‍රමාණවත් බවයි සෞඛ්‍ය අංශ පැවැසුවේ.
කෙසේ වෙතත් කොවිඩ් 19 ආසාදනය වූ බවට පරීක‍ෂණ වාර්තාවක ඉංග්‍රීසි පිටපතක් සහ එන්නත් පළමු මාත්‍රාව ලබාගත් බවට වූ කාඩ්පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here