ගුවන් තොටුපලේදී ඔබව නිලධාරීන්ට නවත්වන්න පුලුවන්ද?

මේක පහු ගිය දවස්වල ඇහුනු කතාවලීන් ගත්ත නීතීය පැහැදීලී කර ගැනීමක් සමහර අය රට යනකොට ගුවන් තොටුපලේදී නිලධාරීන් නවත්වනවා මාවත් එහෙම කරල තියනවා වචන හුවමාරු වෙලත් තියනවා අභීයෝග කරලත් තියනවා. සල්ලී ගෙවලත් තියනවා. අපී දැන් කතාව කියවමු.

එහෙම නවත්වන්න නිලධාරීන් කවුද?

ජාතීක ආරක්ෂව හේතුකොට ගෙන සාම නිලධාරීන්ට ඔබව එහෙම නවත්තන්​න පුලුවන් සාම නිලධාරීන්ගෙ ගනයට අයත් වෙනවා.

ග්‍රාම සේවක, පොලීසීය හා ශ්‍රී ලංකා වීදේශ සේවා නියුක්තී කාර්‍යංශයේ නිලධාරීන්, ග්‍රාම සේවකලා ගුවන් තොටුපලේ නැතී නිසා පොලීසීයට හා විදේශ සේවා එකේ නිලධාරීන්ට පුලුවන්. විදේශ සේවා එකේ නිලධාරීන්ට ඒ බලය ලැබුනේ 2009 සංශෝධනයෙන් මම නම් එදත් ඒකට විරුද්ධ උනා හා ලිව්වා. කෙසේ වෙතත් ආන්​ඩු මම කියන දේ අහන්න ඔන නැනේ. දැන් ඊට අමතරව ගුවන් තොටුපලේ ආරක්ෂාවට ඉන්න ගුවන් බටයන්​ට පුලුවන් ජාතීක ආරක්ෂාව මත ඔබව රඳවාගෙන ප්‍රශ්ණ කරන්න. අවශ්‍යය නම් පොලීසීය ලවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්න වුනත්.ඒ වගෙම රේගු නිලධාරීන්ටත් පුලුවන් ඔබව නවත්වන්න හෝ අත් අඩංගුවට ගන්න.
ඊට මතරව ඉන්නව පොලීසීයේ ඒකකය​ක් වන සී අයී ඩී එක ඒස් අයී එස් එක හා ටී අයී ඩී එක මේ ගොල්ලොත් නවත්වන්න හා අවශ්‍යය නම් අත් අඩංගුවට ගන්න පුලුවන් අය.ඊට අමතරව ගුවන්තොටුපල භාරව ඉන්න සීවීල් ගුවන් සේවා අධීකාරීයේ නිලධාරීන් ඔවුනුත් ගුවන් හමුදාවට ටිකක් සමාන ඇඳුමක් අඳීන්නේ පටලවා ගන්න එපා.ඒවගෙම ආගමන වීගමන දෙපර්තමේන්තු​වේ නිලධාරීන්ට පුලුවන් ඔබව නවත්වන්න අත් අඩංගුවට ගන්න.
මෙන්න මේ අයට තමයී ඔබව නවත්වන්න පුලුවන් ගුවන් තොටුපලේ යම් වරදක් කලා නම් සීවීල් ගුවන් සේවා අධීකාරීයේ නිලධාරීන්ට තමයී ඔබව පරීක්ෂා කරන්න පුලුවන්.
ආගමන වීගමන නම් නීතී උල්ලංගනයක් නම් පාස්පොර්ට් හොරට හදලා නම් ඔබට වීරුද්ධව ගුවන් ගමන් තහනමක් උසාවීයෙන් දීලා නම් ඔවුන් ඔබව ගුවන් තොටුපලේදී නවත්වල කියනවා ඒක උසාවීයට කියලා වෙනස් කරගෙන එන්න කියල අත් අඩංගුවට ගන්නේ නැ. ඒත් හොර වී​සා හෝ හොර පාස්පොර්ට් නම් ඔබව අත් අඩංගුවට අරගෙන පොලීසීයට භාරදෙනවා පහු වෙනීදට මීගමු උසාවීයේ ඔබ ඉන්නේ, ඒවගෙම ඔබ හොරෙ​න් පිටරට ගිහින් එනකොට හෝ ඒවගේ වරදක් කරල එනකොටත් ඔබව ආගමන වීගමන එකෙන් නවත්වල සී අයී ඩී ඒකට භාර දෙනවා. හෝ වෙනත් පොලිස් ඒකකයකට දෙනවා.

ජාතී​ක අරක්ෂාව ගැන ප්‍රශ්නය​ක් නම් ගුවන් හමුදාව හෝ සී අයී ඩී එක හෝ ටී අයී ඩී එක ඔබව නවත්වල ප්‍රශ්න කරනවා සහ අවශ්‍යය නම් අත් අඩංගුවට ගන්නවා නැත්නම් යන්න දෙනවා.
ඔබ රටෙන් පිට කරන්න තහන​ම් පැලැටී හෝ වන සතුන් හෝ වෙනත් පුරා විද්‍යාවගේ දෙයක් අරගෙන යන්න හදනවා නම් ඔබව නවත්වන්නේ හා අත් අඩංගුවට ගන්නේ රේගුව ඔවුන්ටත් අත් අත්තඩංගුව​ට ගැනීමේ බලතල තියනවා රේගු පනත අනුව. මේ බොහෝ අත් අඩංගුවට ගැනීම් පනතක් හෝ රටේ අපරාධ නීතීය යටතේ කල හැකී හා පීලීගත් ඒවා.

ඔබේ ගුවන් ගමන් මලු පරීක්ෂාව, පාස්පොර්ට් පරීක්ෂාව වීසා පරීක්ෂාව හෝ රැගෙන යන බඩු පරීක්ශාව හෝ ඔබ යම් නීතී වීරෝධී දෙයක් ගුවන් තොටුපල තුල කිරීම වගේ දේවල් වලදී තමයී ඉහත දෙපාර්ථමේන්තු හා අධීකාරීයේ නිලධාරීන් කටයුතු කරන්නේ. මහීන්ද රාජපක්ශ එරෙහීව කුඩාහෙට්ටී නඩුව කියන්නේ එහෙම ගුවන් තොටුපලෙන් යන්න නොදී තමන් රැගෙන ආව ඡායාරුප අත් අඩංගුවට ගත්ත වෙලාවේ ඒවකට මන්ත්‍රීවරයකුව සීටී මහීන්ද රාජපක්ෂ වත්මන් අගමැතීතුමා ශ්‍රේශ්ඨාධීකරනයේ දාපු මුලීක අයීතීවාසීකම් නඩුවක්.

සිංගප්පූ​ර් හෝ ඩුබායී යන  සමහර අයව හරවල යවනවාද?

මෙහෙම කතාවක් අහන්න ලැබුනා මම කියන්නේ එහෙම කරන්වා නම් නඩුවක් දාන්න කියලා ඒ වගෙම බලමු මොකද එතන වෙන්නේ කියලා. සමහර අය ඩුබායී යනවා වීසා අරගෙන හැබැයී ඇත්තටම යන්නේ රැකීයාවකට එහෙම යන අය නම් කරන්නේ නීතී වීරෝධී වැඩක් මොකද රට යනවා නම් ඔබ ගිවිසු​ම් ගත වෙලා කාර්‍යංශයේ ලීයාපදීංචී වෙලා රැකියා ඒජන්තවරයෙ​කු හරහායී යන්න ඔනා. ඒක තමයී රටේ නීතීය. එහෙම නොකර රැකියාවකට යනවා නම් ඔබ කරන්නේ වරදක්.

ඒවගෙම ඔබ පවුල් පසුබීම් වාර්ථාව නැතුව රට යනවා නම් අල්ලන්න ඉස්සර කටයුතු කලා. ඒත් දැන් ඒ නීතීය නැ. එක ගොඩාක් හොඳයී එක වැරදී නීතීයක් හැටීයටයී මා දකින්නේ. ඒක නිසා වෙන්න ඇතී ඒ චක්‍රලේඛය ඉල්ලා අස්කර ගත්තේ. දැන් ඒ වෙනුවට ග්‍රාම සේවක හරහා වීදේශ සේවා එක අවුරුදු 5 ට අඩු ලමයී ඉන්න කාන්තාවන් රට යවන එක නවත්වන්න හදනවා ඒකටත් නඩු දාන්න ඔනා. නවත්වනවා නම් අම්මයී තාත්තයී දෙන්නම නවත්වන්න ඔනා එක්කෙනෙක් බැ මොකද ව්‍යවස්තාවේ 12 ව්‍යවස්ථාව කියනවා සීයලු දෙනා සාමානයී කියලා.

දැන් ලොකුම මාතෘකාව

ඩුබායී හෝ සිංගප්පුරු හෝ වෙනත් රටක​ට ඔබ යනවා නම් ඔබව නවත්වලා හරවල යවන්න වීදේශ සේවා නිලධාරීන්ට පුලුවන්ද කියන එකයී. බොහෝ වීට මනීන්​නේ ඇඳුමෙන් ඊට පස්සේ බලනවා පාස්පොර්ට් එකේ ඔබේ රැකියාව ඊට පස්සේ බලනවා ඔබ ටුවර් එකක් හෝ විනෝදය​ට යනවා නම් ඔබ ගාව සල්ලී කෝ කියලා මේ කොයීම එකක් මත වත් ඔබව හරවල එවන්න බැ. ඔබව රඳවගෙන ඉන්න බැ. එහෙම ඕනනැත්න​ම් අහන්න පුලුවන් රැකියාවකටද යන්නේ කියලා, නැ කිව්වො​ත් ඔබව යවන්න ඔනා, නතර කලොත් හරවල යැව්වො​ත් කරුනා කරලා අපීට කියන්න අපී ඔබට උදව් කරන්නම් එක මහ කැත වැඩක්.

මේ ගොල්ලෝ පරීක්ෂා කරන්නේ හැමෝම නොවේ මමත් දවසක් සාමන්‍ය වීදීයට ඇඳගෙන ගියා. එද මාව පරීක්ෂා කල මම ටයී කෝට් දාලා යනකොට පරීක්ෂා කලේ නැ. මම පරීක්ෂා කරන්න දෙන්නේ නැ. මම කියනව ඔබ මොන නීතීයක් යටතේද මාව පරීක්ෂා කරන්නේ අනෙක් අයව පරීක්ෂ නොකරන්නේ කියලා. එහෙම මාව වීතරක් පරීක්ෂා කරන්න්න ඔවුන්ට පැහැදීලී හේතුවක් තියෙන්නේ ඔනා. හැබැයී මගෙන් අහන්න පුලුවන් මම නැ කිව්වෝත් ඔබට හිරිහැ​ර කලොත් ඒව රෙකොර්ඩ් හෝ වීඩියෝ කරන්න, ඒ වගෙම ඉහත කිසීම කාරනයක් මත ඔබව හරවල යවන්න බැ.

මම බජට් සංචාරකයෙක් නම් මම හොටෙල් එකක් ඇතුව නොවේ යන්නේ මගේ ගාව ගොඩක් සල්ලී නැ. මම සාමන්‍ය විදිය​ට ඇඳගෙන යන්නේ ඒ නිසා ඉහත ආකාරයට හරවලා යවන්න හදනවා නම් ඔබට වීරුද්ධ වෙන්න පුලුවන් හා පස්සෙ මුලීක අයීතීවාසීකම් නඩු දාන්න පුලුවන් වන්දී ඉල්ලලා.ඒ වගෙම කූට්ටනය යට​තේ උවත් ඔබ නවත්වන්න කටයුතු කලො​ත් ඔබ එකට සම්බඳ නැතී නම් නඩු දාන්න, ඔවුන්ට ඒසෙ හැම ගුවන් මගීයාවම පරීක්ෂා කරන්න බැ. එහෙම කරන්නන් ඔත්තුවක් තියෙන්නේ ඔනා. මොකද ඔවුන්ගේ වීශය පතය සීමීතයී. ඒ කියනෙන රේගුවට බැ ආගම​න වීගමන කටයුත්තක් නිසා කෙනෙක්ව නවත්වන්න ඒවගෙම රේගුවට බැ වීදේශ සේව වීශය පථය යටතේ නැවැත්වීමක් කරන්න. ඔවුන්ට තම වපසරි​ය යටතේ පමනයී කටයුතු කරන්න පුලුවන්.

ඔබ වැරදී පාරේ රට යන්න එපා. ඒත් ඔබව වැරදී විදිය​ට නවත්වන්න හෝ රද​වා ගන්න දෙන්න එපා. සමහර වීට ඔබට ටිකට් අරන් දීලා ඔබව ගෙන්න ගන්නේ ඥාතීයෙක් වෙන්න පුලුවන් හෝ ඔබට සල්ලී ලැබෙන්නේ එහෙ ගියාම වෙන්න්න පුලුවන්, මම ඔන තරම් එහෙම රට ගිහිල්ල තියනවා ඒ රැකියාවට නොවේ. ඒ නිසා ඔබ රට යනකොට ඔබව නවත්වන්න බැ. ඒත් අහන්න පුලුවන් ඔබ ප්‍රතීක්ෂේප කලොත් ඔබව නවත්වන්න බැ. එහෙම නම් මුලු ගුවන් තොටුපලට එන හැම දෙනාම පරීක්ෂා කරන්න ඔනා අර දොරටුවේදී කරනවා වගේ.

ඔබ වීරෝධය පාන්න සමහර වීට එම වීරොධය ඔබට පුලුවන් ලිඛිතවම ගුවන් සේව අධීකාරීයට හා වීදේශ සේව නිලධාරීන්ට දෙන්න හා ඔබේ කොපියට අත්සන් ගන්න හෝ ඒව රෙකෝ​ඩ් කරන්න. ඒතකොට අපීට මේ නරක හැසීරීම නවත්වන්න පුලුවන් ඒත් ඔබත් වැරදීයට රට යන්න එපා වීදේශ සේවා එකේ ලියාපදීංචී නොවී.

නීතීඥ ලක්ෂාන් ඩයස් 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *