|

දරුවන් සදහා ලබාදෙන දීමනාව(Assegno unico figli 2021)

Inps මගින් දරුවන් සදහා නව දීමනාවක් හදුන්වා දී ඇත. මෙය ජූලි මාසයේ සිට රැකියා අහිමි (Disoccupati)හෝ ස්වයං රැකියා (Lavoro Autonomo) කරන අයට අයදුම් කල හැක. වෙනත් රැකියාවන් කරන අයට අයදුම් කල හැක්කේ 2022 ජනවාරි සිටය. මේ නව දීමනාවත් සමඟ දරුවන් වෙනුවෙන් ලබාදුන් පහත සදහන් දීමනා අහෝසි කරනු ලැබේ.

  1. Assegno ai nuclei familiari con almeno tre figli minori;
  2. Assegno di natalità
  3. Premio alla nascita
  4. Fondo di sostegno alla natalità;
  5. Detrazioni fiscali previste dall’articolo 12, commi 1, lettera c), e 1-bis, di cui al decreto del Presidente della Repubblica 22 dicembre 1986, n. 917;
  6. Assegno per il nucleo familiare e assegni familiari.

ඉහත දීමනාව වාර්ශිකව 730 මගින් හෝ මාසිකව හෝ අයදුම් කලහැක. ගර්භනී අවදියේ මාස 7 සිට දරුවාගේ වයස අවුරුදු 21 දක්වා මෙය ලබාදෙනු ලැබේ. මෙය ලබා ගැනීමට අවුරුදු 2 ස්තීර පදිංචිය (Residenza) හෝ රැකියාවක නිරත වී සිටීම සුදුසුකම් ලෙස සලකා බැලේ. ඔබගේ Isee අගය අනුව පහත සදහන් ආකාරයට මෙම දීමනාව ලබාදෙනු ඇත.

 

 Thushanthi Srimali

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *