කුලි නිවාස ප්‍රසා​ද දීමනාව 1200 euro [Il Bonus Affitto] 2021

ඉතාලියේ COVID 19 වසංගත තත්ත්වය මත නිවාස කුලිය ගෙවීම අසීරු පුද්ගලයන් හට ගිය අවුරුදේ අවස්තාවන් කිහිපයකදීම Bonus Affitto දීමනාව ලබදුන්නා. මේ වසරේදිත් එම දීමනාව ලබාදීමට අයවැයෙන් 100 milioni di euro  මුදලක් වෙන්වී තිබෙනවා.

මෙවර එක්පුද්ගලයෙකු වෙනුවෙන් යූරෝ 1200 ක් වෙන්කිරීමටයි තීරනයකර තිබෙන්නේ.ගිය වසරේ මෙන් නොව මෙවර වෙනස්ම ක්‍රමයකට ලබාදීමටයි ඔවුන් කටයුතු කර තිබෙන්නේ.ගිය වසරේ සිදුවූ වැඩසටහනේ අක්‍රමිකතාවයන් හා අවශ්‍ය නොවන පුද්ගලයනුත් මෙයින් මුදල ලබාගැනීම නිසායැයි උපකල්පනය කිරීමට පුලුවන්.

Bonus Affitto ලබාගන්නේ කොහොමද?

මෙම Bonus Affitto අයදුම් කිරීමට නම් නිවසේ අයිතිකරුගේ කැමත්ත අනිවාර්යයෙන් අවශ්‍ය වෙනවා.මක්නිසාදයත් Agenzia delle Entrate ආයතනය මගින් නිවසේ කට්‍රැක් එක සදහා මාසිකව ගෙවිය යුතු මුදල අඩු කර අවුරුද්දක් සදහා නිවාස ගිවිසුම වෙනස් කිරීමට ඔහු කැමැත්ත පලකලයුතුයි.ඔබේ නිව​සේ හිමිකරුවන් මේ සදහා කැමැත්ත පලනොකරුවහොත් ඔබට මේ සදහා අයදුම්කල නොහැකිවනවා.

 

කුලී ගිවිසුම වෙනස් කිරීමට නිවසේ අයිතිකරු කැමැත්ත පලකහොත් ඉන් පසුව කුමක් කලයුතුද?

ඔබ 2020 ඔක්තෝබර් 29 දිනට ප​සු අදල පුද්ගලයාගෙන් නිවස කුලීපදනම මත ලබාගෙන තිබිය යුතුයි.

ඔබට අදාල කුලී නිවසේම පදිංචිවී සිටින බව තහවුරු කල යුතුවේ.

ඔබගේ නිවස ඉතාලියේ ඉහල ජනගනත්වයක් යුතු ප්‍රදේශයක තිබිය යුතුයි. (CIPE)

(CIPE වර්ගීකරනයේ ඔබගේ ප්‍රදේශ නොමැතිනම් අයදුම්කල නොහැක.)

මෙමගින් මුදල් ලැබෙන්නේ කොහොමද?

උදා:- මාසික කුලිය යූරෝ 400 නම් ඔබ 300ක් පමනක් ගෙවිය යුතු වේ.කෙසේ වෙතත් මෙහිදී ලබාගත හැකි උපරිම දීමනාව යූරෝ 1200 ක් නිසා යූරෝ 100 බැගින් අඩුවේ.

ඔබට දැන් ගැටලුවක් ඇතිවෙන්න පුලුවන් අපි සාමානයයෙන් මාසිකව යූරෝ 800ක් ගෙවනවා නම් කොහොමද මේ මුදල අඩුකරගන්නේ කියලා.

අවුරුද්දක් සදහා සත්‍ය මුදල 800X12 9600
මෙම බෝනස් එකෙන් ලැබෙන මුද​ල 1200
බෝනස් එක ලැබීමෙන් පසුව අඩුවන ගෙවල් කුලි​ය 8400

බෝනස් එක ලැබීමෙන් පසුව මාසිකව ගෙවිය යුතු මුදල බලමු. 8400/12 = 700

ඔබ මීට කලින් මාසිකව යූරෝ 800 ක් ගෙව්ව කෙනෙක් නම් බෝනස් එක ලැබීමෙන් පසුව ඔබ ගෙවිය යුත්තේ යූරෝ 700 ක් පමනි.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *