තාවකාලික/හදිසි ගමන් බලපත්‍ර සදහා අයදුම් කිරීම

ල‍ංකාවට යාම සදහා තාවකාලික /හදිසි ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීම.

1.සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය.

  • ඉල්ලුම් පත්‍රයේ ඔබගේ ඉතාලි ලිපිනය සදහන් කරන්න.
  • අත්සන සදහන් කිරීම( ඊට අදාල කොටු දෙකෙහි කළු ඉරිවල නොගෑවෙන පරිදි සිදුකල යුතුය.)

2. සෙන්ටි මීටර්  4.5 X 3.5 ප්‍රමාණයේ පැහැදිලි ඡායාරූප 02.

3.දැනට ඇති ගමන් බල පත්‍රය හා එහි දත්ත පිටුවේ(පිටු අංක 2 සහ 3) සහ වෙනස් කිරීම් හා නිරීක්ෂණ පිටුවල(පිටු අංක 4 සහ 5) ඡායා පිටපත්.

4.ගමන් බලපත්‍රය අස්ථානගතවි ඇත්නම් පොලිස් පැමිණිල්ල ( නැතිවු ගමන් බලපත්‍ර අංකය පැමිණිල්ලට ඇතුලත් විය යුතුය.) සහ සම්පූර්ණ කරන ලද ,”ඩී “ආකෘති පත්‍රය (පහතින් ලබා ගත හැක)

5.උප්පැන්න සහතිකය. (පරිවර්තනය කරන ලද පිටපත් මුල්පිටපත් ලෙස නොසැලකේ.)

6.විවාහයෙන් පසු නම වෙනස් වන්නේනම් ඒ බව සනාත කිරීමට විවාහ සහතිකය.

7. ශ්‍රී ලංකාවන් පිටත ඉපදී ඇත්නම් පුරවැසි සහතිකය හෝ ඒ සදහා මුදල් ගෙවන ලද කුවිතාන්සි පිටපත.

8.ගමන් බලපත්‍රය සහ උප්පැන්න සහතිකය අස්ථාන ගතවී ඇතිවිටක,ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කල හැකි ලියවිලි (ජාතික හැදුනුම්පත/රියදුරු බලපත්‍රය)

9. හදිසි ගමන් බලපත්‍රයක් අවශ්‍ය කාරණය සදහන් ප්‍රකාශය සහ ඒ බව සනාථ කල හැකි ලේඛණ ඇත්නම් ඒවා.

10.ගුවන් ගමන් වෙන් කිරීම සනාථ කල හැකි ගුවන් ටිකට්පත හෝ වෙනත් ලියවිලි

11.ඉතාලිය තුල රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) හෝ වෙනත් රටක පුරවැසිභාවය ලබා නැති බවට වු සහතික.

සිය ගමන් බලපත්‍රය අස්ථාන ගතවී හෝ කල් ඉකුත්වී ඇති අවස්ථාවක හදිසි කටයුත්තක් සදහා ලංකාවට යාම සදහා පමණක් මෙම ගමන් බල පත්‍රය ඉල්ලුම්කල හැකි අතර ඒ සදහා අයදුම්කරු පුද්ගලිකවම පැමිණිය යුතුය. වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සදහා නම් දරුවා සමග දෙමාපියන් දෙදෙනාම පැමිණිය යුතුය. 

තාවකාලික /හදිසි ගමන් බලපත්‍රයක් නිකුත් කල හැක්කේ ආගමන හා විගමන පාලකගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බැවින් අවම වශයෙන් ශ්‍රී ලංකාවට යාමට දින 14 පෙර  අයදුම්පත්‍රය භාර දිය යුතු බව සලකන්න. හදිසි කාරණා සදහා (මරණයක් හෝ සෞඛ්‍ය හේතු වැනි) ලංකාවට යාමට අවශ්‍ය වන විට ඒ බව තහවුරු කල හැකි සාක්ෂි ඉදිරිපත් කරන්නේනම් ආගමන විගමන පාලකගේ අනුමැතිය ලැබීමට පෙර ගමන් බලපත්‍රය නිකුත් කිරීම පිළිබදව සලකා බැලිය හැක.

​නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය A 4 ප්‍රමාණයේ කඩදාසියේ ලබා ගත් ඡායා පිටපත් සමග ඉදිරිපත් කල යුතුය.සහතිකවල මුල් පිටපත් වෙනමම ඉදිරිපත් කරන්න.​

හදිසි ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය

හදිසි ගමන් බලපත්‍රයක් අවශ්‍ය කාරණය සදහන් ප්‍රකාශය 

නැතිවූ ගමන් බලපත්‍ර සම්බන්ධව ” ඩී  ” ආකෘති පත්‍රය  (Form “D”)

උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

Similar Posts