ඉතාලියේ ශ්‍රී ලංකා එම්බසියෙන් පරිවර්තනය කිරිම්

තාලි භාෂාවට පරිවර්තනය කිරීම

උපදෙස් :-

1.අදාල සිංහල හෝ දෙමළ මුල් සහතික සහ ඒවායෙහි ඉංග්‍රීසි පරිවර්තන ඉදිරිපත් කල යුතු අතර එම සියලු ලේඛණ  කොළඹ විදේශ කටයුතු අමාත්‍යාශයේ කොන්සියුලර් අංශය මගින් වසරක් ඇතුලත සහතික කර තිබිය යුතුය.(විදේශ කටයුතු අමාත්‍යංහයේ කොන්සියුලර් අංශය මගින් සහතික කරන ලද ලේඛණයක් වලංගු වන්නේ සහතික කරන ලද දින සිට එක් වසරක කාලයක් සදහා පමණි)  

2. අයදුම්කරු පුද්ගලිකවම පැමිණ ලියකියවිලි ඉදිරිපත් කල යුතු අතර, ඔහු/ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) ඉදිරිපත් කල යුතුය.

3. ඉහත සියලු ලේඛණවල ඡායා පිටපත බැගින්ද ඉදිරිපත් කල යුතුය.

​ඉතාලි ලේඛණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම.

 ඉතාලි ලේඛණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට නම් එම ලේඛණ ඉතාලි  රජයේ ප්‍රිෆෙක්තුරා  (PREFECTTURA) / ප්‍රකූරා (PROCURA) යන ආයතන වලින් සහතික කර තිබීම අනිවාර්යවේ.

උදාහරණ :-

  • පොලිස් වාර්තා ප්‍රකූරා (PROCURA) ආයතනය
  • ඉතාලි පුරවැසි සහතික ප්‍රිෆෙක්තුරා  (PREFECTTURA) ආයතනය

පරිවර්තන අයදුම් පත්‍රය/ Translation application

උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

Similar Posts