කල් ඉකුත්වූ සොර්ජෝර්නෝ එකෙන් ඉතාලි එන්න පුලුවන් ද?
කෝරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබු ගුවන් තහනම අවසන් වීමත් සමග 2020/2021 කාළය තුල රැදිසිටිමේ බලපතෙහි වලංගු කාළය අවසන්වූ අයට දෙසැම්බර් 15 තෙක් ඉතාලියට ඇතුල්විමට සහන කාලයක් ලැබුන බව ඔබ මම කවුරුත් දන්නා කරුනකි. මේ සහන කාළය තුල බොහෝ දෙනෙක් ප්‍රයෝජනය ගත්තෙය.
එසේනම් ගැටලුව කුමක්ද?
ගැටලුව නම් මේ කාළය තුල දිර්ඝ කාලයක් ලංකාවේ සිටිය අයට එන්න පුලුවනද (දිර්ඝකාලීන රැදි සිටීමේ බලපතක් ඇති අය හා සාමාන්‍ය සෝර්ජෝර්නෝවෙහි කාලය අවසන්වූ අය) යන්න බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා.
ඔව් මේ කාළය තුල දිර්ඝ කාලීන රැදිසිට්මේ බලපත් තිබුන අය වගේම 2019/2018 තුල කාළය අවසන්වූ කිපදෙනෙක්ම පැමිනියේය. මෙය නීතියක් නොව නමුත් රෝම් හා වැනිස් ගුවන් තොටුපලවල් මෙසේ පැමිනි අය ඇත. ඒ වගෙම 2020/2021 තුල කාලය අවසන් උන අය ඉට පෙර කාළය අවසන්වූ කිප දෙනෙක්ට ගැටලුවලට මුහුණදිමට සිදුවිය.
ඒ කියන්න අවුරුදු ගානක් ලංකාවේ සිටි අයට එන්න බැරිද?
මේ කොටස හොදින් කියවන්න. නීතිය අනුව හැකියාවක් නොමැත. නමුත් මෙ නීතිය ක්‍රියාත්මක විමක් බොහෝදුරට සිදුවන්නේ නැති තරම්වේ.
අවසන්වරට කිව හැක්කකේ ඔබට මේ ගැටලුව ඇතිනම් හොදම දේ ඔබ උත්සාහ කරබැලිමය. මන්ද ඔබට නැතිවෙන්නේ ගුවන්ට් පතෙහි මුදල පමනයි. ඔබ පැමින දින අදාල රටවල සිටින ආගමන විගමන නිලදාරින්ගේ නීතිය ක්‍රියාත්මක කිරිම හා ඔබගේ වාසනව අනුව ඔබට ගැටලුවකට මුහුණපැම හෝ නොපැම තිරනයවේවි.කෙනෙක්ට ලැබෙන අවස්තාව තව කෙනෙක්ට නොලැබිය හැකි නිසා මෙය ස්තීරයෙන් කිසිවෙක්ට කිව නොහැක. ඔබට වීසා බලපතක් ඇතිනම් ඔබ උත්සාහකර බලන්න. තීරනය ඔබ සතුය.