Assegno per il nucleo familiare

2020 නොවැම්බර් 27 වන දින සිට ලංකාවෙ සිටින ඔබේ යැපෙන්නන් සදහාත් Assegno familiare සදහා ඉල්ලුම් කිරීමට අවස්තාව දී තිබෙන්වා.

මෙමගින් ලංකාවේ සිටින ඔබගෙන් යැපෙන ඔබගේ සැමියාට,බිරිදට හා දරුවන් වෙනුවෙනුත් ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා.

ලංකාවේ ඔබෙන් යැපෙන්නන් සදහා ඉල්ලුම් කරන්නේ කොහොමද?

ඔබ මේ සදහා පලමුව ඔබෙන් යැපෙන්නන් වෙනුවෙන් codice fiscale සාදාගත යුතුවේ. ඉන්පසු ඔබගේ ලංකාවේ සිටින පුද්ගලයා හා තිබෙන ඥාතීත්වය තහවුරු කරන ලිපි ලේඛන සකස් කල යුතුවේ.

මොකක් ද මේ Assegno per il nucleo familiare කියන්නෙ?

Assegno per il nucleo familiare යනු කම්කරුවන්, විශ්‍රාමිකයන් සහ සේවා නියුක්ත කම්කරුවන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික ප්‍රතිලාභයකි. ඉතාලි රජයෙන් ලබා දෙන තවත් සේවාවක් වැඩකරන අය වෙනුවෙන්. ප්‍රමාණය හඳුනා ගැනීම සහ තීරණය කිරීම සිදු කරනු ලබන්නේ පවුල් ඒකකය, සාමාජික සංඛ්‍යාව සහ එකම න්‍යෂ්ටියේ මුළු ආදායම සැලකිල්ලට ගනිමිනි. ආදායම් වරහන් වැඩි කිරීම සඳහා වන ප්‍රමාණය අඩු කිරීමෙන් මෙම සේවාව සපයනු ලබන අතර පවුලේ සමාජිකයන් අනුව සීමාවන් පනවා ඇත. සමහර කුටුම්භ සඳහා මුදල් සහ ආදායම් මත වාසිදායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමාජික ප්‍රමාණය අනුව, ආබාධිත සාමාජිකයන් සිටිනා කුටුම්භ වලට මෙම පුතිලාභය අනෙකුත් කුටුම්භ වලට සාපේක්ෂව වැඩියෙන් ලැබේ.

කාටද මෙක ලබාගන්න පුලුවන් වෙන්නෙ?

INPS ආයතනය විසින් දන්වන පරිදි ලබා ගත හැකි පවුල් ඒකක පහත පරිදි වේ,

  • පෞද්ගලික අංශයේ සේවකයින්
  • කෘෂිකාර්මික සේවකයින්
  • ගෘහස්ථ හා පරිපාලන කම්කරුවන්
  • වෙනම ගිණුමේ ලියාපදිංචි කම්කරුවන්
  • නැවැත්වූ සහ අසමත් වූ සමාගම්වල සේවකයින් ( සේවය කරන අතර තුර බංකලොත් වු ආයතනව වැඩකරපු අය )
  • සේවක විශ්‍රාම වැටුප් අරමුදල්, විශේෂ අරමුදල් සහ කලින් ENPALS විසින් ගෙවන විශ්‍රාම වැටුප් දරන්නන්
  • සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ දරන්නන්
  • රැකියා අහිමි වී Disoccupazione යටතේ ඉල්ලුම් කරනා පුද්ගලයන්ටද මෙම assegno familiare සදහා ඉල්ලුම් කිරීමට හැක.

කවදාද කොහොමද මෙකට ඉල්ලුම් කරන්නේ?

සෑම වර්ෂයකම ජූලි 1 සිට ඊළඟ වසරේ ජුනි 30 දක්වා වලංගු වගු වල INPS විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලැබේ (INPS චක්‍රලේඛය 2019 මැයි 17, අංක 66).Caf or cgl ආයතනයකින් ඔබට මෙයට ඉල්ලිම් කල හැක. (වර්ෂය පුරාම ඉල්ලුම් කල හැක)

මේ සම්බන්දව වැදගත්වෙන කරැනු කිපයක්

සහකරු රැකියාවක නිරත වන්නේ නම්, අදාල ඉල්ලුම් පත්‍රය පුරවන අවස්ථාවෙ දී, පහුගිය වසරේ පවුලේ සාමාජිකයන් ඉපයූ මුලු ආදායමම සටහන් කිරීමට සැලකිලිමත් වෙන්න. බිරිඳ රැකියාවක් කිරීම Assegno per il nucleo familiare යන පුතිලාභය නොලැබීමට හේතුවක් නොවේ. INPS ආයතනය වර්ෂයෙන් වර්ෂයට පුකාෂයට පත් කරන චක්‍ර ලේඛනය අනුව ඔබ පවුලේ මුලු ආදායම අනුව ඔබට ලැබෙන පුතිලාභය තීරණය වනු ඇත.

යම් කිසි හේතුවකින් පහුගිය වසර වලදී ඔබට මෙම සහනය ලබා ගැනීමට අපොහොසත් වූයේ නම්, වසර 5ක් ආපස්සට මෙම පුතිලාභය ලබා ගැනීම සදහා ඔබට ඉල්ලුම් කල හැක. වැදගත් වන්නේ එකිනෙක වර්ෂය සදහා ඔබ ආදායමක් උපයා තිබීම පමණයි

ඒ වගේම දෙමව්පියන් දික්කසාද වු අවස්ථාවක දරැවන් රැක බලා ගන්නා පුද්ගලයාට මෙම පුතිලාභය සදහා ඉල්ලුම් කල හැකියි. නමුත් එම පුද්ගලයාට රැකියාවක් නොමැති නම් , assegno familiare සදහා ඉල්ලුම් කල නොහැකි අතර, එවැනි අවස්ථාවලදී කලින් විවාහයේ රැකියාවක නිරත වී සිටින මවට හෝ පියාට මේ සදහා ඉල්ලුම් කල හැකි අතර පුතිලාභය දරැවන් සමග වාසය කරන තැනැත්තාට යා යුතුය.

Lavoro subordinato රැකියා ගිවිසුමක් මත වැඩ කරන පුද්ගලයන්ට, මෙම දීමනාව සෑම මසකම තම පඩි වාර්තාවට busta paga එකට එකතු වී ලැබෙන අතර ගෘහ සේවා හා අනෙකුත් රැකියා ගිවිසුම් හිමි සේවා දායකයින් සෑම කාර්තුවකම අවසානයේ හෝ වසරක් ගතවු පසු INPS ආයතනයට ඔන්ලයින් තම අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් මෙම පුතිලාභය ලබා ගත හැක.

කුටුම්භයක වැඩිහිටියන් දෙදෙනාම රැකියා කරන අවස්ථාවල එක් අයෙකු පමණක් මෙම පුතිලාභය ඉල්ලුම් කිරීමට සැලකිලිමත් වන්න. එසේම ඉල්ලුම් කරන වර්ෂයට පෙර වසරේදී පවුලේ සියලුම සාමාජිකයන් ඉපැයූ ආදායම සටහන් කිරීමට සැලකිලිමත් වන්න. එසේ නොමැති ඔබ ආදායම් අඩුවෙන් සටහන් කර, වැඩි පුතිලාභයක් ලැබීමට උත්සාහ කලොත් ලබා ගත් සියලුම මුදලුත්, වංචාවක් කිරීම සමිබන්ධව විශාල දඩ මුදලකුත් ගෙවීමට සිදු වනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *