Cashback

Cashback යනු ඔබ වියදම් කරන මුදලින් 10% ක මුදලක් ඔබට නැවත ලබාදෙන වැඩසටහනකි.මෙහිදී වැදගත්ම දේ ඔබ මේ Cashback මගින් මුදල් ලබාගැනීමට අදහස් කරන්නේ නම් බැංකු කාඩ්පත් මගින් ගනුදෙනු කල යුතුවේ.

Assorted credit cards

මෙම වැඩසටහන මගින් පහත සදහන් කරනා සදහා මුදල් නොගෙවයි.

  • online ගෙවීම් සදහා.(අන්තර්ජාලය මගින් මිලදී ගන්නා භාන්ඩ සදහා)
  • කලා කෘති මිලදී ගැනීම් වලට
  • san Marino හා vaticano නගර සීමාවන් වලින් මිලදී ගැනීම් මේ සදහා අයත් නොවේ.
  • ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ආපසු ගැනීම.
  • ගිනුමකින් තවත් ගිනුමකට මුදල් යැවීම

වැඩසටහන ආරම්භ වන්නේ කවදාද සහ එය කොපමණ කාලයක් පවතින්නේද?

මුදල් ආපසු ගැනීම කාල හතරකට බෙදා ඇත . “Extra cashback di Natale” යනුවෙන් හැඳින්වෙන පළමු පර්යේෂණ කාලය 2020 දෙසැම්බර් 8 වන දින සිට 2020 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වේ. පසුව 2021 ජනවාරි 1 වන දින සිට තවත් මාස හයක කාල පරිච්ඡේද තුනක් සැලසුම් කර ඇති බව වාර්තා වේ. පහත වගුවේ ඒ පිලි​බද විස්තරය

වැඩසටහනේ කාල සීමාවන්කාල සීමාව
පර්යේෂණාත්මක කාලය (Extra cashback di Natale)2020 දෙසැම්බර් 8 සිට 2020 දෙසැම්බර් 31 දක්වා.
1 වන වාරය2021 ජනවාරි 1 සිට 2021 ජුනි 30 දක්වා.
2 වන වාරය2021 ජූලි 1 සිට 2021 දෙසැම්බර් 31 දක්වා.
3 වන වාරය2022 ජනවාරි 1 සිට 2022 ජුනි 30 දක්වා.

Cashback වැඩසටහනට සම්බන්ධ වන්නේ කෙසේද?

ඔබ වයස අවුරුදු 18 ට වැඩි නම් සහ ඉතාලියේ පදිංචිව සිටී නම් ඔබට මේ වැඩසටහන සදහා සම්බන්ද වෙන්න පුලුවන්.

මුලින්ම මේ සදහා ඔබගේ දුරකතනයට IO App එක දාගන්න

​ඉන්පසුව Spid එක මාර්ගයෙන් හෝ arta d’Identità Elettronica (CIE 3.0) abbinata al PIN  මාර්ගයෙන් මෙයට ලොග් වෙන්න පුලුවන්.

ඉන්පසු ඔවුන්ගේ කොන්දේ​සි සදහා ඔබගේ කැමත්ත පලකිරීම.

ඔබගේ බැංකු ගිනුම් අංකය ඇතුලත් කරන්න. (බැංකු ගිනුමේ අංකය කියන්නේ ඔබට ලැ​බී තිබෙන බැංකු කාඩ් පතේ මුහුනතේ තිබෙන අංකය නොවේ) ඔබ ලබාදෙන ගිනුමට තමයි ඔවුන් මුදල් බැරකිරීම සිදු කරන්නේ.ඒ නිසා කල්පනාවෙන් එය ලබාදෙන්න.

ඔබට බැංකු කාඩ් කිහිපයක් තිබේනම් ඔබ ගෙවීම් කරන්න එක ගිනුමක් පමනක් තෝරගන්න.

මුදල් ආපසු ගෙවනු ලබන්නේ කෙසේද සහ කවදාද?

ඔබ විසින් ලබාදෙන බැංකු ගිනුමට මෙමගින් මුදල් බැරකිරීම සිදුවන්නේ.ඒ වගේම මෙහි මුදල් නැවත ලැබෙන කාලය ලෙස

වැඩසටහනේ කාල සීමාවන්ආපසු ගෙවීම සඳහා මාස
පර්යේෂණාත්මක කාල පරිච්ඡේදය “නත්තල් අමතර මුදල් ආපසු”
(2020 දෙසැම්බර් 08-31)
පෙබරවාරි 2021
1 වන වාරය (2021 ජනවාරි 1 – 2021 ජුනි 30)කාල සීමාව අවසන් වී දින 60 ක් ඇතුළත
2 වන අධ්‍යයන වාරය (2021 ජූලි 1 – 2021 දෙසැම්බර් 31)කාල සීමාව අවසන් වී දින 60 ක් ඇතුළත
3 වන අධ්‍යයන වාරය (2022 ජනවාරි 1 – 2022 ජුනි 30)කාල සීමාව අවසන් වී දින 60 ක් ඇතුළත

Similar Posts