2022 මැයි 1 සිට වෙනස්වන මුව ආවරණ නීතිය.
Green pass සහ Mascherina (මුව ආවරණ )වලට 2022 මැයි 1 ඉදල මොකද වෙන්නේ?
මැයි 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි Green pass සහ Mascherine අනිවාර්ය වී තිබූ නීති අහෝසි වී හා ලිහිල් වෙනු ඇත.මෙමගින් පහත සඳහන් ස්ථාන වලට පමනක් Green pass Base (තම්පෝනෙ මගින් සිදුකරන) අවශ්‍ය වේ. ඒවා නම්
- වෙනත් රටකට යෑම (viaggi al estero)
- RSA (වැඩිහිටි නිවාස)
- වෛද්‍ය සායන සේවා (ඉල්ල සිටියහොත් ) Per visite Mediche a Richiesta.
මුව ආවරණ (Mascherine FFP2)
2022 ජුනි 15 දක්වා පහත සඳහා සියලු ස්ථාන සඳහා අනිවාර්ය කර ඇත.
- පොදු ප්‍රවාහන සේවා
- RSA (වැඩිහිටි නිවාස )
- රෝහල්
- ආවරනය කරන ලද ස්ථාන වල පැවැත්වෙන සංදර්ශන ,උත්සව සහ ක්‍රීඩා තරඟ ද
- මීට අමතරව පාසල් වාර අවසානය දක්වා ද මුව ආවරණ අනිවාර්ය වේ.
මුව ආවරණ සදහා පෞද්ගලික ආයතන වලට සේවකයන් සමග කතාකර එකඟතාවයට පැමිනිය හැකි අතර බැංකු, රජයේ ආයතන, බාර්, Ristoranti සේවා මුව ආවරණ වලින් නිදහස් වේ. COVID-19 වසංගතයෙන් පසුව පලමු නිදහස් වසන්තය පැමින තිබේ.