Permesso di Soggiorno නොමැතිව ජීවත් වන පුද්ගලයන් බෙහෙත් කාඩ් එක ගන්නේ කොහොමද?
ඔබත් ඉතාලියේ රැදීසිටීමේ බලපත්‍රයක් නොමැතිව ජීවත් වන පුද්ගලයෙක්ද? එසේනම් ඔබටත් පහත සුදුසුකම් තිබේ නම් Tesserino STP කාඩ් පත(බෙහෙත් කාඩ් එක) ලබාගත හැක.
මෙයින් සිදුවන්නේ කුමක්ද?
ඇතුල්වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට අනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට හදිසි අත්‍යවශ්‍ය හා අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටයි මෙහි අරමුන.
මෙමගින් පහත අවශයතාවයන් තිබෙන පුද්ගලයන්ට සේවාවන් සපයනවා.
- හදිසි වෛද්‍ය ප්‍රතිකාර:
- ජීවිත අනතුරකින් තොරව හෝ පුද්ගලයාගේ සෞඛ්‍යයට හානියක් නොමැතිව කල් යැවිය නොහැකි ප්‍රතිකාර.
- අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර:
- කෙටිකාලීන භයානක නොවන නමුත්, කාලයත් සමඟම සෞඛ්‍ය ගැටලු හෝ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි රෝග වලට සම්බන්ධ ප්‍රතිකාර.
- අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර:
- දිගු කාලීන ප්‍රතිකාර සඳහා ලබා දෙන ප්‍රතිකාර.
STP කාඩ්පත සකසකසාගන්නේ කෙසේද?
• මෙය හදීසි අනතුරු ඒකකයෙන් හෝ දේශීය සෞඛ්‍ය අධිකාරිය නිකුත් කරනු ලැබේ. (ASL)
පළමුවන වෛද්‍ය ප්‍රතිකාරය ලබාගන්න්නා අවස්ථාවේදී
• වෛද්‍ය ප්‍රතිකාරයක් ආරම්භකිරීමට පෙර පුද්ගලයෙක්ට එය ඉල්ලිම්කර හැකිය.
වැදගත්ම කරුන තමයි පදිංචි බලපත්‍රයක් නොමැති කෙනෙක් හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන විට, ඔහුගැන පොලිසියට වාර්තා නොකෙරේ.
මෙය සාදාගැනීමට අවශ්‍ය ලියවිලි මොනවාද?
- හැඳුනුම් පත්‍රය හෝ නම, වාසගම, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිනය සහ ජාතිකත්වය ප්‍රකාශ කිරීමට හැකි ලේඛනයක්
- මුදල් අපහසුතාවයට පත්වී සිටින බවට ලිපියක්.
- ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) හට ලියවීමට නොහැකි බවත්, සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිබව ප්‍රකාශ කිරීමට ලිපියක්.
මෙම STP කාඩ්පත මගින් ඔබ හට සහතික කර තිබෙන වෛද්‍ය ප්‍රතිකාර,
- දරුවාගේ සෞඛ්‍යය සඳහා සහය.
- එන්නත්.
- අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය.
- බෝවෙන රෝග සදහා අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය සහ ප්‍රතිකාර කිරීම.
- මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය කිරීම.
- ගර්භනීභාවය සහ මාතෘත්වය සහය
මෙම කාඩ්පත කොපමන කාලයක් වලංගුද?
මෙම කාඩ්පත මුළු රට පුරාම වලංගු වන අතර මාස 6 කට පමනක් සීමා වේ.
ඔබ මාස 6කින් පසු නැවත අලුත් කර ගත යුතු වේ.