|

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?

මේ දිනවල බොහෝ ශ්‍රීලාංකිකයන්ට Inps මගින් ලබාගත් RDC නැවත ගෙවන ලෙස දැනුම්දීම් සිදුකර ඇත. එයට හේතුව වී ඇත්‍තේ ඔවුන් විසින් සහතික කරන ලද දත්ත නිවැරැදි නොවීමය.

RDC ලබා ගැනීමට පහත සඳහන් මූලික සුදුසුකම් සම්පූර්ණ කල යුතුය.

    • වැඩිහිටියෙකු වීම (එනම් වයස අවුරුදු 18 ට වැඩි)
    • රැකියාවක නිරතවී ම හෝ රැකියා විරහිත වීම
    • ISTAT විසින් පිහිටුවන ලද ඉතාලියේ දරිද්‍රතා රේඛාවට වඩා පහල මට්ටමේ ආදායමක් තිබීම.(ISEE)
    • දරිද්‍රතා රේඛාවෙන් පහල විශ්‍රම වැටුපකට ලැබීම.
    • අවම වශයෙන් වසර 10 ක් ඉතාලියේ පදිංචි වීම.
    • Permesso di Soggiorno Lungo Periodo තිබීම.

ප්‍රධාන වශයෙන් Residenza සහ Soggiorno එකේ නිවැරැදි දත්ත පරීක්ශා සිදුකරන අතර මේ පිලිබදව Guardia Finanza මගින් විශාල ලෙස අවධානය යොමුකර වංචාකල පුද්ගලයින් සොයමින් සිටී. බොහෝ අය විවිධ ආයතන (CAF) මගින් ඉල්ලුම් කරන නිසා ප්‍රධාන සුදුසුකම් නොමැතිවත් ඉල්ලුම් කර ඇත. නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුන දෙන්න වෙන්නේ අයදුම්කරුවන්ට තනිවමය. එම නිසා ඔබ REDDITO DI CITTADINANZA ලබා ගැනීමට පෙර හොදින් සැලකිලිමත් වන්න. ඉතාලියේ ජීවත් වන ඔබ තාවකාලික දීමනාවක් නිසා ඔබේ අනාගතයට නීති ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔබ රජයට විරුද්ධව වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බව ඔප්පු වුනහොත්

  • PERMESSO DI SOGGIORNO LUNGO PERIODO එක නැවත ලබා ගැනීම හෝ
  • CITTADINANZA ITALIANA

ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ නෑ. ඔබ වංචාකාරයෙක් ලෙස PENALE (ඉතාලි පොලිස් වාර්තාවේ) හි සදහන් වෙනවා. එයට අමතරව ඔබ ලබාගත් සම්පූර්ණ මුදල් ආපසු ගෙවිය යුතුවේ. එයට අමතරව දඩ මුදලක්ද ගෙවීමට සිදුවේ.

හොදින් සිතාබලා ඔබ තීරනය කරන්න. සුලු මුදලක් වෙනුවෙන් ඔබව පාවිච්චියට ගන්න පුද්ගලයන්ට හෝ ආයතන වලට ඉඩ දෙන්න එපා.

REDDITO DI CITTADINANZA සම්බන්ද තවත් ලිපි කිහිපයක්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *