RDC (Reddito di Cittadinanza) සහ ASSEGNO UNICO PER FIGLI
ඔබ Reddito di Cittadinanza ලබා ගන්නා රැකියා විරහිත කෙනෙක් නම් (Disoccupato) ඔබට අලුතෙන් හදුන්වා දුන් Assegno Unico per Figli සදහා වෙනම ඉල්ලුම් කරන්න බැහැ.
Inps වෙබ් අඩවියේ සදහන් කර ඇති පරිදි RDC ලබා ගන්නා අයටත් මෙම දීමනාව ලැබෙනවා (Compatibile con Reddito di Cittadinanza) නමුත් මෙම දීමනාව ලැබෙන්නේ Reddito di Cittadinanza යටතේ. පලමු දීමනාව අගෝස්තු මාසයට එකතු කරන බව INPS මගින් තහවුරු කර ඇත. මෙම දීමනාව හදුන්වා දී ඇත්තේ ASSEGNO NUCLEO FAMILIARE දීමනාව ඉවත් කිරීමෙනි. නමුත් දරුවෙකු සදහා ලබාදෙන අවම මුදල 167.50 Euro දක්වා වැඩිකර ඇත. (Isee fino a 7000)
ඔබට Domanda එක දැමීමට නොහැකි වන්නේ එය Automaticamente (ස්වයංක්‍රීයව) Reddito di cittadinanza සදහා එකතු වෙන බැවිනි.