Sanatoria 2020 සම්මුඛ පරීක්ශන​ය

මේ සටහන තියන්න හිතුවෙ සනතෝරියා එක සම්බන්ධයෙන් සමහරුන්ගෙ තියෙන දුර්මත දුරු කරන්න සහ ප්‍රෙෆෙත්තුරා එකට යන පලමු අවස්ථාවෙදිම අඩුවක් නැතුව හැම දෙයක්ම ගෙනියන්න ඔබව සූදානම් කරන්න.

ඊයෙ (30-03-2021) , සේවා දායකයා (lavoratore) සමග ප්‍රථම appuntamento එකට ගියා. ප්‍රෙෆෙත්තුරා එක ඇතුලට ගන්නෙ එක වරකට සේවකයා(බොස්)පමණයි, මේ කොරෝනා වසංගත තත්වය හමුවෙ දවසකට Appoiment 5-10ක් වගේ දෙන බවක් පෙනුනෙ. (ඒක වෙන්න ඕනෙ මෙච්චර කල් ඇදෙන්නෙ මේ සනතෝරියා එකෙන් කොල දෙන එක.) හවස 3:10 ට තිබ්බ appointment එකට ඇතුලට ගන්න කොට හවස 4:30 ත් පහු වෙලා.

සමහර ඔස්තාර්ලා බොරු කතා පතුරවනව සේවකයා සහ බොස් වෙන වෙනම තියල , “මේක බොරු කොන්ත්‍රාත් එකක්ද කියල දැන ගන්න” ප්‍රශ්ණ අහනවා කියලා. එහෙම එකක් නැහැ. ප්‍රෙෆෙත්තුරා එක කියන්නෙ සිවිල් සේවකයන් ඉන්න ස්ථානයක්. එතන නිල ඇඳුමින් ඉන්න කිසිම පොලිස් නිධාරියෙක් නැහැ. ඒ නිසා මෙන්ටලි වට්ටන්න සම(හරක්) කියන කතා නියපොත්තෙන් උඩට ගන්නෙ නැතුව ඉන්න.වැදගත්ම දේ ඉල්ලපු හැම ලිය කියවිල්ලක්ම නිවැරදිව ගෙන යාම.

Datore di lavoro විදියට මගෙන් ඉල්ලුවෙ,

  • ඉතාලි හැඳුනුම්පත සහ එහි කොපියක්
  • ආදායම් ප්‍රකාශන වාර්තාව (CUD , 730)
  • යුරෝ 500 ගෙවපු F24 මෝදුලෝ එක සහ එහි රිසිට් පත
  • යුරෝ 156 ක් ගානෙ මාස කිහිපයකට ගෙවපු එකේ , F24 ඔරිජිනල් මෝදුලෝ එක සහ එහි රිසිට් පත.

On line banking වලින් F24 ගෙවීම් කරපු අය අමතක කරන්න එපා අනිවාර්‍යෙන්ම F24 original පුරවපු එකත් ඩවුන්ලෝඩ් කර ගන්න. රිසිට් පත පමණක් මදි.

සේවකයාගෙන් ඉල්ලුවෙ,

  • 2020 මාර්තු 08 ට කලින් ඉතාලියෙ හිටි බවට ඔප්පු කිරීමක්
  • පාස්පෝර්ට් කොපිය
  • ඔස්පිතලිතා ලිපිය (cessione fabbricato)
  • Idoneità Alloggiativa සහතිකය

විශේෂයෙන් මතක් කරන්න ඕනෙ දොමන්ද එක යවද්දි ගහපු marca da bollo එකට අමතරව තවත් යුරෝ 16ක marca da bollo එකක් ගෙන යා යුතු බව.

සියළුම ලියකියවිලි නිවැරදිව සපයපු නිසා විනාඩි 15ක් වාඩි වෙලා ඉන්න කියපු නිලධාරියා ඇතුලට ගියා. කිව්ව වෙලාවටම ආවා ලොකු බූස්තා එකකුත් අරගෙන. ඒ බූස්තා එකේ තියෙන්නෙ කුස්තූරා එකට යවන්න ඕනෙ ඩොකියුමන්ටස් ටික. බූස්තාඑක ඇරල තියෙන්නෙ. ඔබ වහන්න උත්සාහ කරන්න එපා. ඔබට එතන පුරවන්න කිසිම දෙයක් නැහැ.දැන් ඔය බූස්තා එකත් අර ගෙන පෝස්තා එකේ AMICO SPORTELLO එකක් හොයා ගෙන ගියා. මෙහිදී ගෙවීම් 2ක් කරන්න ඕනෙ.

  1. යුරෝ 30,46 ක් permesso di soggiorno electronic card පත වෙනුවෙන්.
  2. යුරෝ 30ක් පෝස්තා එකේ ගාස්තු විදියට.

බොල්ලෙත්තිනො එක කැපිටල් අකුරින් (stampatello) පුරවන්න.

අවසානයේ පෝස්තා එකෙන් යුරෝ 30,46 ගෙවපු බොල්ලෙත්තිනො එකේ රිසිට් පතක් ලැබුණා. අන්න ඒක සුරක්ෂිතව තියා ගන්න ඕනෙ. මොකද ඒකෙ තමයි පෙර්මෙස්සො එක මොන අවධියෙද තියෙන්නෙ කියල බලන්න පුළුවන් , USER ID + PASSWORD මුද්‍රණය වෙලා එන්නෙ. මේ සමගම ඇඟිලි සලකුණු ගන්න කුස්තූරා එකට එන්න ඕනෙ දිනය ලැබෙනවා. (අපිට නම් මාස 2කට පස්සෙ දිනයක් ලැබුණා)

ප්‍රෙෆෙත්තුරා එකේ පලමු හමුවෙදිම CODICE FISCALE නැති කෙනෙක්ට නම් එතෙක් තිබ්බ provvisorio එක වෙනුවට , ස්ථිර එක මුද්‍රණය කරල දෙනවා. ඒ codice fiscale එක සහ අර මුදල් ගෙවපු බොල්ලෙත්තිනො අරන්, ASL ගියාම එක මොහොතකින් Tessera Sanitaria එකත් හදා ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ඔබට ඇඟිලි සලකුණුවලට කැඳවීම ලැබෙන්නෙ ඔබ පදිංචි පළාතෙ කුස්තූරා එකෙන්. කොන්ත්‍රාත් එක ගහපු පළාතෙ තියෙන කුස්තූරා එකෙන් නෙවි. (කුස්තූරා එක සහ ප්‍රෙෆෙත්තුරා එක ප්‍රදේශ දෙකක පිහිටපු අවස්ථාවකදී) අපි හිතමු como වලින් ඔස්පිති දීපු කෙනෙක් ජොබ් කොන්ත්‍රාත් එක ගහන්නෙ Milano වලින් කියලා. එතකොට මුලින්ම යන්නෙ Milano prefettura එකට උනත් ඇඟිලි සලකුණු දෙන්න යන්න වෙන්නෙත්, permesso di soggiorno එක නිකුත් කෙරෙන්නෙත් පදිංචිය තියෙන Como කුස්තූරා එකෙන්.

SUJITH YADDEHIGE 31/03/2021

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *