බෝනස් යූරො 350 ක් අවුරුද්දක් සදහා (SFL)
Reddito Cittadinanza වෙනුවට හදුන්වා දෙන නවතම සහනයන්
පුහුණුව සහ රැකියා සඳහා සහාය (SFL) යනු පහත සඳහන් ව්‍යාපෘතිවලට සහභාගී වීමෙන් රැකියා ලබාගැනීමේ පියවරකි.මේ වන විට රැකියාවක් නොකරන පුද්ගලයින්ව රැකියාවක් සදහා ස්ක්‍රීය කිරිමත් දිරිමත් කිරීම අරමුනෙන් මෙම දීමනාව ලබාදීමට සූදානම් වනවා.
මෙය ලැබෙනුයේ කාහටද?
- අවුරුදු 18- 59 ත් අතර විය යුතුයි
- ආර්තීක අවශ්‍යතාවයන් ඇති අය විය යුතුයි
- ISEE අගය 6000 ට අඩු විය යුතුයි.
- අයදුම් පත් ඉදිරිපත් කරන අවස්තාවේ අවම අවුරුදු 5 ක් ඉතාලියේ පදිංචි වී සිටිය යුතුයි.
- රැකියාවක් කිරීම සදහා සූදානම් අයෙකු වීම (RILASCIARE LA DICHIARAZIONE DISPONIBILITA’ AL LAVORO)
- ASSEGNO DI INCLUSIONE ලබාගැනීමට සුදුසුකම් නොමැතිවීම
2024/01/01 දා සිට බාලවයස්කරැවන් සිටින පවුල් ඒකකයන්, වයස අවුරුදු 60 ට වඩා වැඩි හෝ ආබාධිත පුද්ගලයන් සිටින පවුල් ඒකකයන්ට මෙම දීමනාවට ඉල්ලුම් කල හැක. මේ දීමනාව පළමුවරට මාස 18ක් සදහා ලබාදෙන අතර සුදුසුකම් තිබේනම් එම කාලසීමාවෙන් මාසයකට පසු නැවතත් මාස 12ක කාල සීමාවක් සදහා අළුත් කිරීමට හැකියාව පවතී.
- මෙහිදීත් ඉතාලි පුරවැසිභාවය හෝ දිගුකාලීන රැදීසිටීමේ බලපත්රය මූලික සුදුසුකමක් ලෙස දක්වා ඇත.
- මෙහිදී වසර 5ක ඉතාලියේ ස්ථිර පදිංචිය ප්රමාණවත් වෙන අතර, ඉන් අවසන් වසර 2ක නොකඩවා ස්ථිර පදිංචිය තිබිය යුතුයි.
- වර්ෂයක් ඇතුළත තම කැමැත්තෙන් රැකියාවෙන් ඉවත් වූ පුද්ගලයන්ට මේ සදහා ඉල්ලුම් කර නොහැක.
මේ සදහා patronato කෙනෙක් මාර්ගයන් හෝ තමාගේ Spid එකෙන් inps වබ් අඩවියෙන් අයදුම් කිරීමට අවස්තාව ලබාදී තිබෙනවා.
අදාල සුදුසුකම් සැපරීමෙන් පසුව මේ සදහා අයදුම් කරන ආකාරය පිලිවෙලින්.