|

වීසා නොමැතිව ජීවත්වන අය වීසා හදාගන්නේ කොහොමද?

Sanatoria නීතියක් නැතිව ඉතාලියේ visa (රැඳි සිටිමේ,විසිමේ) බලපතක් නැති කෙනෙක්ට නිත්‍යානුකූලව visa (රැඳි සිටිමේ, විසිමේ)
බලපත ලබාගත හැකිද?

මුලින්ම කියනවා මේ පොස්ට් එක හොදට කියවන්න කියලා. බාගෙට කියවලා වැරදි අදහසක් ගන්න එපා.
අනවසර සංක්‍රමනීකයන්ට නිත්‍යානුකූල විමට නම් ඉතලි රජය විසින් අලුතින් සංක්‍රමණික නීතියක් ගෙන ආ යුතුවේ. කාලෙන් කාලෙට එවැනි නිතී පැමිනියත් 2012 පසුව එවැනි අවස්ථා එකක් හෝ දෙක්ක පමනක් ලබාදුනි. අවසන් වරට පසුගිය වර්ෂයේ එවැනි අවස්තාවක් ලබා දුන්නේය. එවැනි නිතියක් නැවත කවදා පැමිනේද කියා කිසිවෙකුටත් කිව නොහැකි අතර එය තීරනය කරන්නේ පවතින ඉතාලි රජය විසින්ය.

හොදින් කියවා තේරුම්ගන්න
එවැනි නීතියක් නැතිව කෙනෙක්ට රැදිසිටි​මේ බලපත ලබාගැනිමට හැකියාවක් තිබේනවාද? තිබෙනවා නම් ඒ කෙසේද?

පුලුවන්කම් තිබුනා. එසේ කරගත්තු අය ඉන්නවා. නමුත් අද වෙද්​දි මේ දෙවල් ප්‍රයෝගිකව කරගැනිම ඉතා අපහසුය. සමහර විට මේ දේවල් දැන් නවතා ඇත. 100 උත්සාහ කලොත් 99 ක​ට නොලැබිමේ ඉඩක් ඇත. කෙටියෙන්ම කියනවා නම් හැකියවක් නැත. එසේ තිබුනනම් Sanatoria නීතියක් එනකන් බොහෝ දෙනෙක් බලා සිටින්නේ නැත. තෙරුම් ගැනීම ඔබ සතුය.

රීෆුජී (සරණාගත)

මෙය ඉල්ලුම්කිරිමට කිසිදු මුදලක් වැය නොවන අතර ඔබ නිතිඥයකු හරහා ඉල්ලුම්කරනවා නම් ඔබට ඔහුගේ සේවා ගාස්තු ගෙවීමට සිදුවේ. මෙය ඔබට ලැබිම ගැන තිරන​ය වන්නේ ඔබ සරණාගත වීසා ඉල්ලන හේතුව හා එයට ඉදිරිපත්කරන සාක්ෂි අනුවය. පිලිගතහැකි සාක්ෂි ඇතිනම් සාර්ථකවේ. සමහර නගරවල නම් මේ සදහා උපකාර කරන යම් සංවිධාන ඇත.
උදා – Milan NAGA මේ සම්බන්ධ පලකල ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න.

දරුවෙක් ලැබිමට සිටියදි

මේ ක්‍රමවේදය වර්ෂ කිහිපයක සිට නතරවි ඇත. පසුගිය කාළය පුරාවට ලබාගත් කෙනෙක්ද නැත. දක්ෂ Immigration lawyer කෙනෙක්ගෙ සහය මෙයට අවශ්‍යවේ.

තමන්ගේ හාම්පුතා මාර්ගයෙන්.

මේ ක්‍රමය අදටත් සමහර අවස්ථාවල සාර්ථක වෙනවා. එය 2% ක් පමනය. තමන් රැකියාව කරන ස්ථානයෙන් කරනු ලබන ඉල්ලිම මතය. ඒ අයදුම් කරන රැකියා ක්‍රේෂ්ත්‍රයට පවතින ඉල්ලුම මත හැකියාවක් ඇත ඔවුන්ගේ සහයෙන් මේ ක්‍රමයට උත්සාහ කිරීමේ හැකියාවක් ඇත. මතක තියාගන්න මේ ක්‍රමය 98% අසාර්ථක වීමට ඉඩකඩද ඇත. මේ ක්‍රමවේදයන් පහසුවෙන් කරගන්න පුලුවන් නම් sanotoria නීතියක් එනකන් වර්ෂ ගානක් විදේශීකයන් බලා සිටින්නේද නැත.

මේ කරනාව කියන්න හේතු වුනේ පලවු දැන්විමක් නිසාය. සමහර අය මේ දෙවල් ඉතා පහසුවෙන් කරගන්න පුලුවන් විදියටයි කතා කරන්නේ, ලියන්නේ. ඒවැනි කතා වලට රැවෙටෙන අයට කාලය සමග මුදල් යන දෙකම නැතිවෙනවා. එම නිසා නිතරම තමන් කරන දේ පිලිබදව සොයා බලන්න. මේ කටයුතුවලට ගෝඩ පෙරකදෝරුවෝ සම්බන්ධ කරගන්නේ නැතිව දැනුම ඇති ඉමිග්‍රෙරේශන් ලෝයර්ස්ලාගෙ සහය ලබාගන්න.

වැදගත්. කෙනෙකුට සිදුවු දෙයක් ඔබට සිදුවෙන්නෙ නැත. සමහර නිලදාරින් අනුව සමහර කටයුතු සාර්ථකවීම හෝ අසාර්ථක විම තිරණයවේ. කෙනෙක්ට සිදුවූ දෙයක් නීතියක් වෙන්නේද නැත. මේ 2021 නිසා 2010/2015 සිදුවෙනදේ වගෙම නීතින් ද වෙනස්වී ඇත.තීරනයන් ඔබ සතුය.හොරුන්ට අසු නොවන්න.

නීත්‍යානුකූලව ඉතාලියේ සිටින ඔබට ඉතාලියේ නිත්‍යානුකූල නොව​න ඔබේ පවුලේ කෙනෙක්ට නිත්‍යානුකූලව රැදි සිටිමේ බලපතට ඇතුලත්කරගත හැකිද?

මේ ලිපිය කියවීමට මෙය ක්ලික් කරන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *