Omicron ප්‍රභේදය කොරෝනා වසංගතයේ අවසානයද?
COVID-19 වසංගතය නිසා වසර ගණනාවක් පුරා මුලු ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. තුන්වන එන්නත් මාත්‍රා ලබා ගත්තද දිනපතා බොහෝ පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වෙති. සෞඛ්‍ය ආයතන පවසන්නේ එන්නත් ලබාගත් පුද්ගලයින් වෙත වෛරසය මගින් ඇති කරන බලපෑම අඩු බවය.
එන්නත් මාත්‍රා ප්‍රමානය වැඩිවන තරමට වෛරසයට කලහැකි බලපෑම් අවම වෙනබව ඔවුන් පවසයි. Matteo Bassetti (direttore della clinica Malattie Infettive all’ospedale San Martino di Genova ,) පවසන්නේ මේ වනවිටත් 10%ත් 15% අතර ප්‍රමාණයක් Omicron ප්‍රභේදයට ගොදුරු වී ඇති බවත් සීත කාලය අවසන් වන විට 50% පමණ පුරවැසියන් ප්‍රමාණයකට මෙය වැලදෙන ඇති බවත් ය.
වසන්ත කාලය (primavera ) ලංවන විට අපට කොරෝනා වෛරය ජය ගැනීමට හැකිවේ යැයි ඔහු පවසයි.ඒ වනවිට 95% පමණ ප්‍රමානයක් එන්නත් මාත්‍රා ලබා තිබීමද මෙයට හේතුවක් වනු ඇත. මුඛ ආවරණ නොමැතිව වසන්තය ගත කිරීමට ඔහු බලාපොරොත්තුවක් දී තිබේ. මේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය ඉක්මනින් නිමා කිරීමට පැමිණි අන්තිමයා Omicron යැයි ප්<රාර්ථනා කරමු.