Omicron ප්‍රභේදය කොරෝනා වසංගතයේ අවසානයද?

COVID-19 වසංගතය නිසා වසර ගණනාවක් පුරා මුලු ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. තුන්වන එන්නත් මා​ත්‍රා ලබා ගත්තද දිනපතා බොහෝ පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වෙති. සෞඛ්ය ආයතන පවසන්නේ එන්නත් ලබාගත් පුද්ගලයින් වෙත වෛරසය මගින් ඇති කරන බලපෑම අඩු බවය.

එන්නත් මාත්‍රා ප්‍රමාන​ය වැඩිවන තරමට වෛරසයට කලහැකි බලපෑම් අවම වෙනබව ඔවුන් පවසයි. Matteo Bassetti (direttore della clinica Malattie Infettive all’ospedale San Martino di Genova ,) පවසන්නේ මේ වනවිටත් 10%ත් 15% අතර ප්රමාණයක් Omicron ප්රභේදයට ගොදුරු වී ඇති බවත් සීත කාලය අවසන් වන විට 50% පමණ පුරවැසියන් ප්රමාණයකට මෙය වැලදෙන ඇති බවත් ය.

වසන්ත කාලය (primavera ) ලංවන විට අපට කොරෝනා වෛරය ජය ගැනීමට හැකිවේ යැයි ඔහු පවසයි.ඒ වනවිට 95% පමණ ප්‍රමානය​ක් එන්නත් මාත්රා ලබා තිබීමද මෙයට හේතුවක් වනු ඇත. මුඛ ආවරණ නොමැතිව වසන්තය ගත කිරීමට ඔහු බලාපොරොත්තුවක් දී තිබේ. මේ ගෝලීය සෞඛ්ය අර්බුදය ඉක්මනින් නිමා කිරීමට පැමිණි අන්තිමයා Omicron යැයි ප්<රාර්ථනා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *